මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට කලින් ඔවුන්ට රිසි සේ වැඩෙන්න ඉඩ දීපු පාලකයන් එල්ලා මරන්න – ඥානසාර හිමි.

මහා පරිමාණ කුඩු ජාවාරම් කාරයන් එල්ලීමට කලින් එවැනි පුද්ගලයන්ට හැදෙන්න වැඩෙන්න මේ පොලොව තුල ඉඩ හදා දිපූ ඊට දේශපාලන නායකත්වය ලබාදුන්, ඒ අය නිතියෙන් මුදවා ගැනීමට බලපෑම් කල, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහ පාතාලයට රට තුල රිසි සේ වැඩෙන්න ඉඩ දීපු පාලකයන් ඉස්සරලා එල්ලා දැමිය යුතු බව, බොදු බල සේනා සංවිධානය අද (12)  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියා.

රටට නිසි දර්ශනයක් නැතිව දැන් හයිටි රාජ්‍යයේ තත්වයට පත් වී ඇති බව පැවසූ ඥානසාර හිමි, අනාගත දරු පරම්පරාව ගැන හිතලා මේ පිළිබඳව රට තුල සංවාදයක් ඇතිවිය යුතු බවත් බුද්ධිමත් තින්දු ගත යුතුව ඇති බවත් අවධාරණය කර සිටියා.

කසිප්පු, කටුකම්බි, ගල් බමුණා, නන්දන වින්දන, බොකු දිරාස්, මිනරල්, යහපාලනය ආදී නීතිවිරෝදී මත්පැන් රට පුරා ඇති බවත් එම මත්පැන් පාලනය නොකර සෞක්‍ය වියදම් වෙනුවෙන් රජය විශාල මුදලක් වියදම් කරන බවත් මතට තිත ගැන කතා කරන පුද්ගලයින් ආනයනය කරන ලද මත්පැන් භාවිතා කරන බවත් ඒ හිමියෝ සඳහන් කර සිටියා.

ජාවාරම් කරුවන් දේශපාලකයන්ට, පොලිසියට උදව් කරන බව විශාල ප්‍රශ්නයක් බව සඳහන් කර සිටි උන් වහන්සේ සියලු දෙනා එකතු වෙලා විශාල සමාජ කතිකාවකට යා යුතු බව ප්‍රකාශ කර සිටියා.

රටේ දරු පරපුර විවිද මත්ද්‍රවය සඳහා ඇබ්බැහි වී ඇති බව පෙන්වා දුන් ඥානසාර හිමි මේ සියල්ල බුවල්ලෙක් මෙන් එකට බැඳී තිබෙන බවත්  අවධාරණය කර සිටියා.

The post මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට කලින් ඔවුන්ට රිසි සේ වැඩෙන්න ඉඩ දීපු පාලකයන් එල්ලා මරන්න – ඥානසාර හිමි. appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico