මත්තල ගුවන්තොටුපළේ මගී ගමන්මලු පරික්ෂාකරන ස්කෑනරය ගලවා කටුනායකට ගෙනයයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුලු වන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරික්ෂා කරීම සදහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) දින ඉන් ඉවත්කර කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

මත්තල ගුවන්තොටුපල ආරම්භයේ දී මෙම්වැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාන කීපයක ස්ථාපිත කර තිබු අතර විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර අතුරින් 03ක් ඉවත්කරගෙන තිබේ.

අද (11)දින මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුලුවන පිවිසුමේ තිබු ස්කෑනර් යන්ත්‍ර ඒ අයුරින් ඉවත්කරනු ලැබූ සිවුවන (04) ස්කෑනර් යන්ත්‍රය වේ .

The post මත්තල ගුවන්තොටුපළේ මගී ගමන්මලු පරික්ෂාකරන ස්කෑනරය ගලවා කටුනායකට ගෙනයයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico