මත්තල ඉන්දියාවට දෙද්දී, තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනපතිගේ ගමේ හදයි

මෙරට තුන්වන අන්තර්ජාතික ගුවන්තොටුපල හිගුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය.

ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැසුම යටතේ මෙය ඉදි කිරීමට රජය සැළසුම් කර ඇත.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇමති චම්පික රණවක අතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙම සැලැස්ම පිලිගන්වනු ලැබීය.

සැලැස්ම අනුව 2050 වසරේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොලට අමතරව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්ද ඉදි කිරීමට යෝජිතයි.

මේ අතර සූරියවැව මත්තල ගුවන්තොටුපල ඉදිරි කාලයේදී ඉන්දීය සමාගමක් වෙත ලබා දීමට නියමිතය. මේ වන විට ඒ සදහා ඉන්දීය සමාගම සමග රජය එකගතාවයකට පැමිණ ඇති අතර දෙසැම්බර් මාසයේදී ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද පැවසේ.

The post මත්තල ඉන්දියාවට දෙද්දී, තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනපතිගේ ගමේ හදයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico