මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

මඩකලපුව, වාලුවන්කේරි විවේගානන්ද මහා විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම පාසලේ ඉස්ලාම් භක්තික ගුරුවරුන් දෙදෙනෙකු විසින් උසස් පෙළ සිසුවියන් වෙත තම ආගම වැළඳගැනීමට බල කිරීම හේතුවෙන්.

අදාළ ගුරුවන් විසින් කුරාණ පංතියක් ද ආරම්භ කර ඇති බවයි දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියේ. 

පංතියට සහභාගි වන සිසුවියන්ට පරිගණක හා ලිපි ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට ගුරුවරුන් කටයුතු කර ඇති බව සඳහන්.

අදාළ ගුරුවරුන්වන් වෙනත් පාසලකට මාරු කර යැවිමට පාසල් පරිපාලනය කටයුතු කර ඇති බවයි අප ප්‍රාදේශිය වාර්තාකරු ප්‍රකාශ කළේ.

The post මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico