මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු වූ බව දෙමල සන්ධාය ජනතා විමුක්ති පෙරමුණ සහ ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් තමන් හා එක් වූ බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය වැරදි යයි කිසිවෙකු කියන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුව රැස් කර ඊට විරුද්දව යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසද ඔහු කියා සිටියේය

The post මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico