මට දැන් මහන්සියි..! ඉදිරියේදී ශාසනික දිවියක් ගතකරනවා -ඥාණසාර හිමි

රට ‌වෙනුවෙන් කතා කිරීමට ‌ගොස් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ තමන් කියූදේ නිවැරදි බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. ඒ පිළිබඳ විශාල වේදනාවක් පවතින බවත් කෙසේවෙතත් යළි ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කළ යුතු බවත් උන් වහන්සේ සඳහන් කළේය.

මේ වන තෙක් රට හා සිංහල ජාතිය ‌වෙනුවෙන් කටයුතු කළද මේ වන විට තමන් දැඩි වෙහෙසට හා කලකිරීමට පත්ව ඇති බවත් ඉදිරියේ දි ආගම අහමට ලැදි වෙමින් ශාසනික දිවියක් ගත කිරීමට අදහස් කරන බවත් උන්වහන්සේ පැවසීය.

නිදහස ලැබීමෙන් පසු සිය විහාරස්ථානය වෙත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාණසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

භික්ෂුවක් ලෙස තමන් සිංහලයාට කළ යුතු යුතුකම් කර ඇති බවත් අවසාන වශයෙන් සියල්ලන්ට ප්‍රකාශ කර සිටින්නේ ජීවිතය පූජා කිරීමට වුව ද රටක් පැවතිය යුතු බවත් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැවසීය.

The post මට දැන් මහන්සියි..! ඉදිරියේදී ශාසනික දිවියක් ගතකරනවා -ඥාණසාර හිමි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico