බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (12) පෙරවරුවේ සිදු විය.

කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මගින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ.

ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බේරේ වැවෙහි ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ද කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico