බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන්ට ද ලැබුන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ – මට්ටක්කුලිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

බැඳුම්කර වාර්තාවේ පිටපතක් තමාවෙත ලබාදෙන්නැයි ඉල්ලමින් රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේය.

එහෙත් ඔහුට මෙතෙක් නිල වශයෙන් එම වාර්තාව ලැබී නොමැත.

The post බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico