බැඳුම්කර වාර්තාවට එජාප මන්ත්‍රී විරෝධය – කෝප් සභාපති නැගිට යයි

බැඳුම්කර වාර්තාවට එජාප මන්ත්‍රී විරෝධය - කෝප් සභාපති නැගිට යයි

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව තුළ දැනට උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා අද(24) පැවති විශේෂ කෝප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණක් බව වාර්තා වේ. එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එහිදී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට විරෝධය පළ කළ කර ඇත.

පසුව සුනිල් හඳුන්නෙත්ති මහතා අද පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව වාර්තාවක් සකස් කළ අතර එම වාර්තාවට අමතරව කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනම වාර්තාවක්ද සකස් කර තිබුණි.

මෙම තත්ත්වය තුළ පසුගිය දා රැස්වූ කෝප් කමිටුවද උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

කෝප් කමිටු සභාපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කිසියම් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර අවසන් වරට කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු පිරිසක් ඉන් ඉවත්ව ගොස් තිබුණි.

සභාපතිවරයාගේ වර්තාවට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුගේ ද සහය හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ඊට හිමිව නොමැත.

 

 

 

Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico