බැඳුම්කර මගඩිය තහවුරුයි..! කෝප් වාර්තාව 25 වනදා පාර්ලිමේන්තුවට..! එජාපය මහේන්ද්‍රන් බේරාගැනීමේ සටනක..!

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් ඊයේ දිනද කෝප් කමිටුව රැස්වූ අතර, මේ සම්බන්ධව අවසාන වාර්තාව 25 වනදාපාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විට කෙටුම්පත් කර ඇති පිටු හතළිහකින් පමණ සමන් විත වාර්තාව කෝප් කමිටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ අන්මැතිය සහිතව ඉදිරිපත් කරන බව වාර්තාවේ. 

බහුතරය නියෝජනය කරන පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් හරහා අලෙවි කිරීමට ගත් තීරණය අත්තනෝමතික බවත් එම වෙන්දේසියට ඔහුගේ බෑනා වන අර්ජුන් අලෝසියස්ගේ පර්චුවල් ටෙෂරීස් ආයතනය ඉදිරිපත් වීමත් අතර ගැටළුවක් තිබෙන බවට තර්ක කළ බවත්ය. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වූයේ රුපියල් කෝටි 167ක වළක්වාගත හැකි පාඩුවක් සිදුව ඇති බව ය

මේ අතර වාර්තාවේ කරුණු දෙකක් වෙනස් කළ යුතු යැයි එජාප මන්ත්‍රීවරුන්  පවසයි. විවාදයට හේතු වී ඇති වාර්තාව සම්බන්ධයෙන් පෙරේදා (20)  උදෑසන 11 සිට සවස 6 තෙක් දීර්ඝ වශනේ මේ ගැන කෝප් කමිටු රැස්වීමේ දී වාද කර ඇත. එජාප කණ්ඩායමේ සුජීව සේනසිංහ හර්ෂණ රාකරුණා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සිට ඇත.ඔවුන්ට විරුද්ධව සුනිල් හඳුන්නෙත්ති, මහින්දානන්ද අලූත්ගමගේ, නලින්ද ජයතිස්ස, ලසන්ත අලගියන්න, බිමල් රත්නායක ඇතුළු පිරිසක් තර්ක කර ඇත.

මෙම බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා ලිඛිත සාක්‍ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ දී (කෝප්) එජාප නියෝජිතයෙක් ඉතාම පහත් අන්දමින් බැණ වැදී ඇතැයිද වාර්තාවේ.

 

The post බැඳුම්කර මගඩිය තහවුරුයි..! කෝප් වාර්තාව 25 වනදා පාර්ලිමේන්තුවට..! එජාපය මහේන්ද්‍රන් බේරාගැනීමේ සටනක..! appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico