බැදුම්කර වාර්තාව හොරු උස්සයි ..වහා නීතිපති උපදෙස් පතයි.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශ සහිත ලිපි ගොණුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව මාධ්‍ය වාර්තා ගණනාවක් පල වෙයි.පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී බැදුම්කර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව උවත් ඇති වූ කලහය නිසාවෙන් වාර්තාව සම්පුර්ණයෙන් ඉදිරිපත් කිරීමට නොහැකි විය.
අගමැතිවරයා වෙත වාර්තාව පත්වූ පසු නීති විශාරදයක් පිරිසක් කැදවා ඒ ගැන උපදෙස් ලබා ගෙන ඇත.ජනාධිපතිවරයා වෙත එම වාර්තාව බාර දෙනු ලැබුවේ පසුගිය 30 වැනිදා වුවත මේ වන තෙක් අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවට එහි පිටපත් ලබා දී නැත.
කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් ඉදිරී නීතිමය කටයුතු හා නිර්දේශ ඉදිරිපත් කිරීමට වාර්තාව නීතිපතිවරයා වෙත ජනාධිපතිවරයා විසින් යොමු කරන ලදී.
මෙම වාර්තාවේ පිටපත් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

The post බැදුම්කර වාර්තාව හොරු උස්සයි ..වහා නීතිපති උපදෙස් පතයි. appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico