“බැංකු කඩපු අය වසලයෝ” – සජිත්ගෙන් රවී කරුණානායකට දරුණු ප්‍රහාරයක් – (VIDEO)

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ(16) දිනයේ උත්සව සභාවක් අමතමින් රවී කරුණානායක මහතාට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.
එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.
එහිදී  මව් පියන්ගේ නම් විකුණා පක්ෂයේ ඉදිරියට යා නොහැකි බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිපත්තියක් ඇති හෙයින් ඒ අනුව ක්‍රියා කළ යුතු බවයි රවී කරුණානායක මහතා සඳහන් කළේය.  තමන්ගේ ආසනයවත් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ නමුත් රටම දිනිය හැකි බව පෙන්වීමට ඇතැමුන් උත්සහ කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.
“අපි නිහඬව සිටින්නේ දුර්වලතාව නිසා නෙවෙයි. එකමුතුභාවයක් ඇති කරන්න හදන නිසා. නමුත් වෙන විදිහකින් පිලී පනින්න හදනවා නම් ඒකට උත්තර දෙන්නත් අපි සූදානමින් ඉන්නවා.” එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති පවා දී මැතිවරණයකදී විතරක් වෙනස් වන පක්ෂයක් නොවන බව ද රවී කරුණානායක මහතා ප්‍රකශ කළේය.
එයට ප්‍රතිචාරයක් ලෙස පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බව  සජිත් ප්‍රේමදාස මහතා පැවසීහ.
ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.
‘ගියොත් ගිය තැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.
ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එම වීඩියෝව පහතින්,

The post “බැංකු කඩපු අය වසලයෝ” – සජිත්ගෙන් රවී කරුණානායකට දරුණු ප්‍රහාරයක් – (VIDEO) appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico