ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

ජල ගැලීම් වලින් නිතරම පාහේ අර්බුදයට ලක්වන කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි ප්‍රදේශවල කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලාගෙන යන ජලය නල මාර්ගයෙන් උතුරට, උතුරුමැදට සහ නැගෙනහිරට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වසරේ සිට සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදිරිගිරියේ දියසෙන්පුර දී ඊයේ(11) පැවති රැස්වීමකදීය.

යල මහ කන්න දෙක පිළිබඳව අලුත් වැඩසටහනක් සහ කාලසටහනක් මේ වසරේ සිට සකස් කරන බව ද, භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයන් කැඳවා තමන් කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව කියා සිටි බවද ජනපති අවධාරණය කළේය.

The post ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico