පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කර තිබේ.

ඒ, අද පස්වරුවේ ප්‍රවාහන බලධාරීන් හා පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මෙහිදී එකඟතාවට පැමිණ ඇත්තේ, බස් ගාස්තුව 12.5% කින් ඉහළ නැංවීමටත්, අවම ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ නැංවීමටයි.

මේ පිළිබඳව වූ යෝජනාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අගෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

The post පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico