“පොලිස්පතිගේ වැරැද්ද” – මහින්දගෙන් පොලිස්පතිට චෝදනා

පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම අඩපන වී ඇති බවත් ඒ සඳහා පොලිස්පතිවරයා වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සදහම් සේවා ජාත්‍යන්තර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (14) එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සදහම් සේවා ජාත්‍යන්තර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ජපාන හිටපු අග්‍රමාත්‍ය යුකියේ හතොයාමා මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ගොඩනැගිල්ල ජපාන හිටපු අග්‍රමාත්‍ය යුකියේ හතොයාමා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරෙන අතර ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විත වේ.

රජයේ මූලික වගකීම පුරවැසියන් සඳහා ආරක්ෂාව සැපයීම බවත් අද එම ආරක්ෂාව නැතිවී ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පොලීසිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයින් සඳහා පමණක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්විය.

“ඇත්ත වශයෙන්ම මේක භයානක තත්ත්වයක්. රජයක මූලික වගකීම තමයි පුරවැසියන්ට ආරක්ෂාව ලබා දෙන එක. ඒ ආරක්ෂාව අද සම්පුර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. පොඩි දේටත් මිනී මරණ, වෙඩි තියන, තුවක්කු ගන්න තත්ත්වෙට, පළි ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. නායකයෝ ආදර්ශවත් වුණා නම් මිට වඩා හොඳයි. එතකොට පල්ලෙහා සමාජයට මේක ගලා යනවා. අද මේ තියෙන තත්ත්වය යටතේ පොලීසිය සම්පුර්ණයෙන්ම අඩ පණ වෙලා ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී. මේ අවස්ථාවේදී සම්පුර්ණයෙන්ම පොලිසියේ ක්‍රියකාරිත්වය පිළිබඳ අපිට ලොකු ප්‍රශ්නයක් රටේ ජනතාවට. ඉතින් ඒකට පොලිස්පතිවරයා වගකියන්න ඕනේ සෑහෙන්න දුරට. වඩා ශක්තිමත්ව පොලීසිය මෙහෙයවීම කළ යුතු යැයි මම විශ්වාස කරනවා. පොලීසිය ස්ථාන කොච්චර දැම්මත් වැඩක් නැහැ. අපරාධ වැඩි වෙනවා නම්. පොලීසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලඥයින් විතරයි. FCID කියලා නීති විරෝධී ආයතනයක් දාලා ඒක විතරයි ක්‍රියාත්මක වෙන්නේ, අනිත් දේවල් ඔක්කොම අතහැරලා. පොලිස්පතිගේ වැරැද්ද.”





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico