පුරාවස්තු විනාශ කරන සජිත් පේ‍්‍රමදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – රවි කරුනානායක

අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුනානායක මහතා පවසයි. මෙම විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටයි.

පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි. මෙම ජාතික විනාශයට එරෙහිව වැදි බණ දේශනා නොකර ක්‍රියාමාර්ග ගතුයුතු බවයි ඔහු පවසන්නේ.

කොළඹදී  මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 

The post පුරාවස්තු විනාශ කරන සජිත් පේ‍්‍රමදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – රවි කරුනානායක appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico