පිහි ඇනුම් සිද්ධියකට අත්අඩංගුවට පත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට.

වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ නාළිකාවක සේවයේ නියතු මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතාව කඩවත පොලිසිය විසින් අද(12) අත්අඩංගුවට ගෙන ඇත. වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඉකුත් 09 වැනිදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසීය කියයි. මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසීය කියයි.

The post පිහි ඇනුම් සිද්ධියකට අත්අඩංගුවට පත් මාධ්‍යවේදී මහේෂ් නිස්සංක රක්ෂිත බන්ධනාගාරයට. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico