‘පැ‍පොල’ ඌව සරසවිය වසා දමයි..!

බදුල්ල මඩකලපුව මාර්ගයේ බදුල්ල නගරයට නුදුරින් පිහිටි ඌව විශ්වවිද්‍යාලය පැ‍පොල රෝගය පැතිර යාමේ අවදානමක් මත 13 දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව ඌව විශ්වවිද්‍යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව මේ වනවිට පැ‍පොල රෝගය වැලඳුන ඌව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල සිටින සිසු දරුදැරියන් 27 දෙනකු පසුගිය දින 03ක් ඇතුළතදී හුමව ඇති බවත් බාහිරව සිට පැමිණෙන සිසු දරුදැරියන් 08 දෙනකුටද පැ‍පොල රෝගය වැලඳී තිබූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

The post ‘පැ‍පොල’ ඌව සරසවිය වසා දමයි..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico