පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණියක් මාස 9කට පසු ජීවිතක්ෂයට

පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් තරුණියක් ඊයේ (30) ජීවිතක්ෂයට පත්වුණි. යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය නමින් නීරීන් ෆ්ලොරිඩා නමැති 26 හැවිරිදි අවිවාහක තරුණියක්. 

2019 අප්‍රේල් මස 21 වන දින කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති පාස්කු දින දේව මෙහෙයට සහභාගි වී සිටියදී ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මෙම තරුණිය ඊයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණි. 

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර විකලාංග ප්‍රතිකාර සඳහා පසුව ඇය රාගම රෝහලට මාරු කර යැවුණි.

The post පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණියක් මාස 9කට පසු ජීවිතක්ෂයට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico