පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරු අත්අඩංගුවට – මන්ත්‍රී පලායයි

පසුගිය ඉරිදා(21) ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන 8ක සිදුවූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපති සහ පොහොට්ටුවේ වත්මන් මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ්ගේ සොහොයුරු මොහොමඩ් රිෆාස් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත සිදුකර විමර්ශනවලදී පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයාගේ සොහොයුරා සතුව තිබී වෝකිටෝකි යන්ත්‍ර දෙකක් සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ප්‍රහාරය මෙහෙයවූ බවට සැකකෙරෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ලාංඡන කිහිපයක් ද ඔහුසතුව තිබී සොයාගෙන ඇත.

ඔහුගේ සහෝදර පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා අද උදෑසන මැලේසියාවට පලාගොස් ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

The post පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරු අත්අඩංගුවට – මන්ත්‍රී පලායයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico