පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි

පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි

පාර්ලිමේන්තුව සඳහා ඩිජිටල් ලේඛන කළමනාකරන පද්ධතියක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධානතම අංශයන් වන හැන්සාර්ඩ් දෙපාර්තමේන්තුව සහ සභා ලේඛන කාර්යාංශය ඉලක්ක කරගනිමින් මෙම ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතිය ප්‍රථමයෙන් සකස් කරන ලබන බවත් සෙසු අංශ සඳහාද ඉදිරියේදී  මෙය ව්‍යාප්ත කිරීමට නියමිත බවත් නියෝජිතායතනය සඳහන් කරයි.

මෙම ව්‍යපෘතිය තුළින් විධිමත් තොරතුරු කළමනාකරණය හරහා පාර්ලිමේන්තු කාර්යයන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිකිරීමටත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා ඇවැසි නිවැරදි හා කාලීන තොරතුරු සැපයීමටත්  පාර්ලිමේන්තු තීරණ හා තීන්දු  පිළිබඳ මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමටත් රුකුලක් වන බව නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එපික් ලංකා ආයතනය අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම  සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම නොබෝදා  පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා, එපික් ලංකා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරීන්ද කල්පගේ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.





Source From Business AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico