ප්‍රකාශයක් ලබාදීමට මිනුවන්ගොඩ පොලීසියට පැමිණි මධුමාදවට ජනතා විරෝධය..!

පසුගියදා මිනුවන්ගොඩ පැවති නොසන්සුන් වාතාවරණය අතරතුර පිවිතුරු හෙළ උරුමයේ උප නායක මධුමාදව අරවින්ද ඊට නායකත්වය දෙන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ ජාලවල සංසරණය විය. මේ අතර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මධුමාදව අරවින්ද  අද(15) මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අතර ඔහු පැමිණි බව දැනගත් මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටි ජනතාව ඔහුට විරෝධය පළ කළේය.
තමන් මුස්ලිම් ජනතාව සමග ඉතා හොද සහජීවනයෙන් ජීවත් වන බවත් පිටතින් පැමිණ නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ආයතන ගිනිබත් කිරීම සම්බන්දයෙන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය මධුමාදව අරවින්දට එල්ලවිය.
එහිදී අදහස් පළ කරමින් මධු මාධව අරවින්ද කියා සිටියේ, තමා මෙහි පැමිණියේ නීත්‍යානූකූලව යම් ප්‍රකාශයක් සිදු කිරීමට බවත්, ඒ එන අවස්ථාවේ දී පාරේදී හා පොලිසිය ඉදිරිපිටදී ඇඟිලි දික් කරමින් හා බැණවදිමින් තමාට  චෝදනා කරන බවත් බව ද එතුමා පැවසීය.
කෙසේවෙතත් පැය තුනකට ආසන්න කාලයක් පොලිස් ස්ථානය තුල රැඳී සිටිමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි ඔහු මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ, ස්ථානාධිපති වරයා කාර්ය බහුල බවත් පැය තුනක් බලා සිටි නිසා තමා පිටත්ව යන බවත් නැවත කැඳවු විට පැමිණ කටඋත්තරයක් ලබා දෙන බවත්ය.

The post ප්‍රකාශයක් ලබාදීමට මිනුවන්ගොඩ පොලීසියට පැමිණි මධුමාදවට ජනතා විරෝධය..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico