පර්පෙචුවල් අවස්ථා 45,000 කදී ලක්‍ෂ ගණනින් මුදල් බෙදු පුවත අසත්‍යක්.

අර්ජුන් ඇලෝසියස්ට අයත් සහ ඔහු  සම්බන්ධ  සමාගම් වලින් අවස්ථා 45000 කදී විවිධ පාර්ශව මුදල් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇතැයි  පළවූ පුවත නිවැරදි නොවන බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත පසුගියදා  විජය පුවත්පත් සමාගමේ  ලංකාදීම වෙබ් අඩවියේ පළකර තිබු අතර එම සමාගමේම “අද” පුවත්පත අද (18) එම පුවත නිවැරදි නොවන බව වාර්තා කර ඇත.

ඒ අනුව මේ වන තුරු සිදුකර ඇති විමර්ශන හරහා අවස්ථා 45,0000 විවිධ පාර්ශව මුදල් ගෙන ඇති බවට අනාවරණය වී නොමැති බවත් කෙසේ වුවත් විමර්ශන අඛණ්ඩව සිදුකරන බවද එම නිවේදනයේ සඳහන් බව අද පුවත්පත සඳහන් කර ඇත.

The post පර්පෙචුවල් අවස්ථා 45,000 කදී ලක්‍ෂ ගණනින් මුදල් බෙදු පුවත අසත්‍යක්. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico