නේපාලයේ ගුවන් යානයක් කඩා වැටී 49ක් මරුට.

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි ගවන් යානයක් කඩා වැටීමෙන් 49 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ. මෑත යුගයේදී නේපාලය මුහුණ දුන් බරපතලම ගුවන් අනතුර එය වේ. මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් යානය අනතුරකට ලක් වීමෙන් තවත් විස්සකට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ.

යානය දෙවැනි වරටත් ගොඩ බෑම සඳහා උත්සාහ කළ අවස්ථාවේ කඩා වැටී ගිනි ගත් බව අනතුර ඇසින් දුටුවෝ පැවසූහ. බංග්ලාදේශයේ US-Bangla පුද්ගලිකගුවන් සේවයට අයත් යානය කඩා වැටීමට හේතුව පැහැදිලි නැතත්, යානය සහ ගුවන් තොටුපොලේ පාලක මැදිරිය අතර සන්නිවේදනය බිඳ වැටීම පිළිබඳව පරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව වාර්තා වේ’

අනතුරට ලක් වූ යà·à¶±à¶º

සඳුදා (මාර්තු 12) සවස් යාමයේ කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය යානය ගිනි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.

යානය ගිනි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.

අනතුර සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරිය වගකිව යුතු යයි ගුවන් සේවය පවසන නමුත්, නේපාල බලධාරීන් පවසන්නේ යානය “අසාමාන්‍ය” ගොඩ බෑමේ ක්‍රමයක් අනුගමනය කළ බවය.

එක්වරම ගැස්සී ගිය යානය ඉන් අනතුරුව මහා හඬක් නගමින් කඩා වැටුණු බව යානයේ ජනේලයකින් පැන දිවි බේරා ගැනීමට සමත් වූ මගියෙක් පවසයි.

මේ වනවිට 22 දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

The post නේපාලයේ ගුවන් යානයක් කඩා වැටී 49ක් මරුට. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico