නි.ඇමතිවරු තනතුරු ලබාදී රනිල් එජාපයේ පසුපෙළ නිහඩ කරයි.

පසුගිය කාලවකවානුවේ පක්ෂ නායත්වයට එරෙහිව විවිධ ප්‍රකාශ කල එක්සත් ජාතික පක්යේ පසුපෙළ මන්ත්‍රීවරු හය දෙනෙකු (12) දිනයේදී නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ . මෙම කණ්ඩායම එජාප ප්‍රතිසංස්කරණ කටයුතුවලට යටත්ව වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට මාධ්‍ය හමුවේ දැඩි ලෙස කියා සිටි මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.ඒ අනුව රංජිත් අලුවිහාරේ, බුද්ධික පතිරණ, අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ් ගුණසේකර, ලකී ජයවර්ධන සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු ලෙස හෙට ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට සූදානම් බවයි වාර්තා වුණේය.කෙසේ වෙතත් ඔවුන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ හයක් සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කර තිබේ.

The post නි.ඇමතිවරු තනතුරු ලබාදී රනිල් එජාපයේ පසුපෙළ නිහඩ කරයි. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico