නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

සිරගත කර සිටි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නික්ම ගියේය.

උන්වහන්සේ පිළිගැනීම සදහා අතිවිශාල පිරිසක් බන්ධනාගාරය අසල රැදී සිටියේ ය. ආරක්ෂක හේතුන් මත් බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේ බන්ධනාගාර පිටුපස දොරටුවෙන් එළියට වැඩමවීම සිදුකර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හයක සිර දඩුවමක් නියමව සිටි හිමියෝ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ කතෝලික, හින්දු ආගමික නායකයන් හා විවිධ පාර්ශව වල ඉල්ලීම මත ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කලේය.

The post නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !! appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico