නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම මැතිවරණ කොමිසම
විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු සිදුකරන බව එහි නීති
ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා.

ඉන් ප්‍රථම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට බලයක් නොමැති බවයි එහි නීති ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය
විසින් නාමයෝජනා කමිටුවක් පත්කරන අතර ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගනු ලබන්නේ
එම නාමයෝජනා මණ්ඩලය විසින් බවයි ඔහු කියා සිටියේ.

තවද නාමයෝජනා කමිටුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගත් පසුව ඔහුගේ නාමය එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතුද වනවා.

මෙම කරුණු පිළිබඳ ප්‍රතිපාදන සහිතව පක්‍ෂ ව්‍යවස්ථාව දිවංගත ජනාධිපති
ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සකස් කර ඇති බවයි එහි නීති ලේකම් නිශ්ශංක
නානායක්කාර මහතා සඳහන් කළේ.

The post නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico