නාමල් කුමාර ලබාදුන් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ හඬපට පොලිස්පතිගේ බව තහවුරු වේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල කරමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තා විසින් ලබාදුන් හඬපට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හඬපට සමඟ ගැලපෙන බව රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊට අදාල වාර්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා පොලිස්පතිවරයාගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරය විසින් ඝාතන කුමන්ත්‍රණයට අදාලව හඬපට 23ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම හඬපට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අදාල ඒවා බව සඳහන්ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාව මෙතෙක් සිදුකර ඇති විමර්ශන අනුව නාමල් කුමාර, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන අය අතර සමීප සබඳතාවක් පැවත ඇත.

The post නාමල් කුමාර ලබාදුන් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ හඬපට පොලිස්පතිගේ බව තහවුරු වේ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico