නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

යෝජිත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන කාර්යාලයේ සේවය කරන නව දෙනෙකුට වැටුප් ගෙවන්නේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය බව අනාවරණය වී ඇත.

මේ සෑම අයෙකුටම රුපියල් ලක්ෂ 2කට වැඩි වැටුපක් ගෙවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ 4 වන මහලේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කාර්යාලයට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැටුප් ගෙවන බව මෙතෙක් වාර්තා වී තිබිණි.

ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා මෙම නව දෙනාට කිසිදු සුදුසුමක් නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

එසේම එම ලේකම් කාර්යාලය මෙහෙයවන්නේ ලන්ඩන් නුවර නීති සමාගමක සේවය කළ නිලධාරිනියක් බවද අනාවරණය වී ඇත.

මේ නිසි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතා මත කෙටුම්පත් වන්නක් යන ප්‍රශ්නය මතුව ඇත.

කීර්ති වර්නකුලසූරිය – දිවයින

The post නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico