දේශීය ලුණු ගොවියා යලිත් අමාරුවේ

දේශීය ලුණු ගොවියා යලිත් අමාරුවේ

විදේශීය ලොකුලූනු වෙළඳ වලට විශාල වශයෙන් ලැබීමත් සමඟ දේශීය ලොකුලූනු අලෙවි කර ගැනීමට නොහැකිව දඹුල්ලේ ගොවීහු මැසිවිලි නඟති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල ඉන්දියාවෙන් ගෙන්වන ලද  ලොකුලුනු  විශාල වශයෙන් අලෙවි කිරීම  හේතුවෙන් දඹුල්ල ගලේවෙල සීගිරිය ආදී බලප්‍රදේශවල ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව ගොවිපල වල ගබඩාවල නරක් වී ඉවත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

මේ දිනවල විදේශීය  ලොකු ලූනු කිලෝවක් රුපියල් 80ක් 85ක් අතර මිලකට අලෙවි කරන බවත් දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 60.ත්  65 ත් අතර මිලක් පැවතියද දේශීය ලොකු ලූනු මිලදී ගැනීමක්   ව්‍යාපාරිකයන් සිදු නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබෙන බව ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහ පරිමාණ ලොකුලූනු ගොවියෙකු වූ එස්.ඒ .  රත්නපාල මහතා පැවසීය.

ලොකු ළූණු වගාකරුවකු රතනපාල මහතා කියා සිටියේ තමන් ලූනු   අක්කර 30ක වගා කළ බවය. මේ  වන විට ලූනු කිලෝ හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත් කළ බවත් තවමත් තමන්ගේ ගබඩාවල විශාල වශයෙන් දේශීය ලොකුළූණු ගොඩගසා දිනපතාම ඒවා නරක් වෙන ඒවා ඉවත් කරමින් විශාල මුදලක් වියදම් කරමින් සිටින බව ය.

තමන්  පුද්ගලයන් හැටකට පමණ රැකියා සපයමින් විශාල වශයෙන් වගා කරන ගොවියකු බවත් එහෙත් මේ වන විට සිදුව ඇති හානියක් සමඟ ඉදිරියේදී වගාවෙන් ඉවත් වන බව ද හෙතෙම කීවේය. ඒසේ වූ විට ප්‍රදේශයේ පුද්ගලයන් 60කට පමණ රැකියා අහිමිවන බව ද රත්නපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය ලොකු ලූනු අලෙවි කර ගැනීම සඳහා රජය මැදිහත්වී කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද දඹුල්ල සිගිරිය  ගලේවෙල ගොවීහූ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා රුපියල් 40ක විශේෂ බද්දක් රජය පැනවුව ද එම බදු මුදල් ගෙවා දඹුල්ල වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනූ අඩු මුදලට අලෙවිකිරීම මෙම ගැටළුවට හේතුවී ඇතැයි ගොවීහු වැඩිදුරටත් පවසති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)





Source From Business AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico