දේශපාලන මගඩි නිසා රට අවුල් ජාලාවක් වෙයි,අනාගතය වනසන පාලකයන්ට රතු එළියක්

පැවති පුංචි ඡන්දයේ අතුරු ප්‍රතිපලයෙන් වල්මත් වූ අනෙකුත් දේශපාලන කණ්ඩායම් ජනතාව මුලා කොට රටම අවුලක් බවට පත් කරමින් සිදු වූ හානියට පැලැස්තර ගසා ගැනීමක් සිදු කරයි.
මෙයින් ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව ජනතාව නොමග යැවීමකි.නමුත් ඔවුන් සියල්ල එක්කාසු වි මේ නොමග යවන්නේ උපන් රටයි.හෙට නුපන් අනාගතයයි.
විටක ඔවුන් හැසිරෙන්නේ මුල් ළමා විය පසු කරන දරුවන් ලෙසය.
රටේ උගතුන් බුද්ධිමතුන් ඇස් ඉස් ලේ නහර ඇත්තන් මේ සියල්ල දෙස බොහොම ඉවසීමෙන් සාවධානයෙන් අසා බලා සිටි.
මෙවන් පාලකයෝ රටට සම්පතක්ද නොමැතිනම් රටට වින කරන යකදුරන්ද යන්න ජනතාව තීරණයට කාලය එලෙබෙනකම් බලා හිද නියම අවස්ථාවේ ජනතාව පිළිතුරු දීමට සැදී පැහැදී සිටි.
මේ රට ඕන එපාකම් සදහා යොදා ගන්නා තෝතැන්ක් නොවන බවත් ,රටට විනකර, කාබාසිනි කොට විනාශ කරන්නට කිසිවකුට නොදෙන බවත් දේශප්‍රේමී ජනතාව එක්වී කියා දීමට ලංවන දිනය වැඩි ඈතක නොව.

The post දේශපාලන මගඩි නිසා රට අවුල් ජාලාවක් වෙයි,අනාගතය වනසන පාලකයන්ට රතු එළියක් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico