දේශපාලනයේ අද වැඩිපුරම ඉන්නේ වංකයෝ – ජනපති පවසයි

ලංකාවේ දේශපලනය තුළ අද වැඩිපුරම සිටින්නේ වංක පුද්ගලයන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (04දා) එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කළේ අද දේශපලකයන් වීරයන් වන්නේ මාධ්‍ය ඉදිරියේ පමණක් බවය.

කෙසේ නමුත් 2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත් දූෂිතයන්ට දඬුවම් දීමටත් කටයුතු කරන බවට විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබා දී අද වනවිට එම කිසිදු පොරොන්දුවක් ඉටුකර ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින විටදී පවා මෙවැනි ප්‍රකාශ සිදුකිරීම විමතියට කරුණක් බව දේශපාලන විචාරයන් පවසති.

The post දේශපාලනයේ අද වැඩිපුරම ඉන්නේ වංකයෝ – ජනපති පවසයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico