දෙවන දිනයට වැස්සෙන් බාධා

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසාන නිල නොවන සිව් දින ක්‍රිකට්‌ තරගයේ දෙවැනි දිනට වර්ෂාවෙන් බාධා වීමා නිසා තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්‌ඩායම කඩුලු 4 ක්‌ දැවී ලකුණු 183 ක්‌ ලබා සිටියේය.

කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 35 කට සීමා කිරීමට කසුන් මධුශංක සහ චරිත් අසලංක සමත්වද්දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක්‌ රැස්‌ කිරීමට ෂර්මන් හෙට්‌මේයර් සහ ෂර්මන් බෲක්‌ස්‌ සමත්වූහ.

ප්‍රහාරාත්මක ඉනිමක්‌ දියත් කළ ෂර්මන් හෙට්‌මෙයර් පන්දු 93 දී වේගවක්‌ ලකුණු 94 ක්‌ ලබාගත් අතර එම ඉනිම හතරේ පහර 17 කින් අලංකාර විය. ඔහුට අනගි සහායක්‌ ලබා දුන් ෂර්මන් බෲක්‌ස්‌ ලකුණු 43 ක්‌ ලබාද ජමාර් හැමිල්ටන් ලකුණු 05 ක්‌ ලබා කඩුල්ලේ රැඳී සිටිති.

කඩුලු 7 කට ලකුණු 272 ක්‌ වශයෙන් තිබියදී ඊයේ දිනය ඇරැඹූ ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම ඊයේ දිනයේදී සිය පළමු ඉනිම ලකුණු 318 ක්‌ දක්‌වා ඉහළ දමා ගැනීමට සමත්විය. පෙර දිනයේදී ලකුණු 40 ක්‌ ලබාගෙන සිටි රොෂේන් සිල්වා ඊයේ දිනයේදී අර්ධ ශතකයට එක්‌ ලකුණක්‌ තිබියදී දැවී ගියේය.

ලක්‌ෂාන් සඳකැන්ද ලකුණු 2 ක්‌ ලබා සිටියදී දැවී ගිය නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක්‌ රැස්‌ කිරීමට කසුන් මධුශංක(20) සහ ළහිරු ගමගේ(නොදැවී) 12) සමත්වූහ.

පන්දු යෑවීමෙන් කැපී පෙනුණු ඩෙල්රොන් ජොන්සන් ලකුණු 65 කට කඩුලු 4 ක්‌ද සද්ධන්තයා ලෙසින් හැඳින්වෙන ර‚ම් කෝන්වෙල් කඩුලු 3 ක්‌ ද බිඳ හෙලුහ. අද තරගයේ තෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය / ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 318 යි(සඳුන් වීරක්‌කොඩි 79, කුසල් පෙරේරා 69, අසේල ගුණරත්න 16, චරිත් අසලංක 46, රොෂේන් සිල්වා 49, දසුන් ශානක 13, කසුන් මධුශංක 20, ළහිරු ගමගේ (නොදැවී) 12, ඩෙල්රොන් ජොන්සන් 65/4, ර‚ම් කෝන්වෙල් 93/3, ඩේමියන් ජෙකොබ්ස්‌ 64/2)

බ.ඉ.කොදෙව් පළමු ඉනිම 183/4 යි(බෲක්‌ස්‌(නොදැවී) 43, හෙට්‌මේයර් 94, සිං 15)

Source From Srilankasports
Author: Sri Lanka Sports
#SriLanka #News #lka

Powered by WPeMatico