දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

යාපනයේ අර්ධද්වීපයේ පිහිටි ඉඩම්වලින් තවදුරටත් ආරක්ෂක හමුදා සතුව ඇත්තේ සියයට එකක ඉඩම් ප්‍රමාණයක් බව වාර්තා වේ.

මුළු අර්ධද්වීපයේ අක්කර විසි පන්දහස් තුන්සිය අසූ එකක් (25381) පිහිටි අතර ඉන් අක්කර දෙදහස් හයසිය පනස් පහක (2655) යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදා කඳවුරු පිහිටුවා ඇත.

ඉන්ද පලාලි ගුවන් තොටුපොළට අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් නතුවී ඇති අතර එය සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතට පත් කිරීමට නියමිතය.

ඉඩම් නිදහස් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ආරක්ෂක අංශ භාවිත කරනුයේ සියයට 1%ක් බැවින් එම ප්‍රමාණය ලබාදිය නොහැකි බව ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් 2009 වර්ෂය වන විට අක්කර විසිපන්දහස් දෙසිය තුනක් ආරක්ෂක අංශ සතුව පැවැති අතර ඉන් අක්කර විසිදෙදහස් තුන්සිය පනස් නවයක් (22359) මේ වනවිට නිදහස් කර ඇත.

The post දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico