දුමින්ද , අමරවීර එළියට..? 16 කණ්ඩායම ශ්‍රිලනිප බලය අල්ලන තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද(17) පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් ද පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගනු ඇති බව ද තවදුරටත් වාර්තාවේ. ශ්‍රිලනිප ලේකම් ධුරය මෙන්ම එජනිස ලේකම් ධුරයද  වෙනස් කිරීමට අද දින තීන්දු කරන බව 16 කණ්ඩායමේ මන්ත්‍රීවරු පසුගිය දින කිහිපයේ ප්‍රකාශ කරන ලදි.

ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහලේකම් තනතුරින් හා ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රීලනිප උප ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි යෝජනාවක් අද ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට එම පක්‍ෂ 16 කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර කුමන තනතුරු වෙනසක් සිදු වුව ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඉදිරියටත් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලා. හෙතෙම මේ බව කියා සිටියේ හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටට යහපත් තින්දු තීරණ රැසක් ගැනීමට විපක්ෂය හා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

The post දුමින්ද , අමරවීර එළියට..? 16 කණ්ඩායම ශ්‍රිලනිප බලය අල්ලන තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico