දුම්රිය වර්ජනයෙන් රට හෙල්ලෙයි… කුපිත වූ මගීන්ගෙන් දුම්රිය පාලක මැදිරියටත් ප්‍රහාර… මගී ප්‍රවාහනයට හමුදාව කැදවයි

හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය.

දුම්රිය නොමැතිවීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය අවහිර කරගෙන විරෝධතාවක් ද ඇරැඹූහ.

කිසිම දුම්රියක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.දුම්රිය මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් මගීහු පිටතට නොපැමිණියහ.

නොසන්සුසන් වූ මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ දේපොළවලට ද අලාභ හානි කර තිබේ.

දුම්රිය වැඩවර්ජනය අවසන් වන තුරු දුම්රිය මගීන්ට වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබාදී තිබේ.

අද (09) දිනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට යුධ හමුදාව විසින් විශේෂ හමුදා බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

The post දුම්රිය වර්ජනයෙන් රට හෙල්ලෙයි… කුපිත වූ මගීන්ගෙන් දුම්රිය පාලක මැදිරියටත් ප්‍රහාර… මගී ප්‍රවාහනයට හමුදාව කැදවයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico