දුම්රිය වර්ජනයක – මගීහු මහ පාරේ විරෝධතා දක්වති

දුමිරිය රියදුරුන් සහ දුම්රිය නියාමක අද (08) සවස 3.00හි සිට හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පල කරමින් මෙම වැඩවර්ජනය හදිසියේ කැඳවා ඇත.

මේ වන විට හදිසියේ කැඳවූ දුම්රිය වර්ජනයට විරෝධය පාමින් දුම්රිය මගීහු කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය හරස්කොට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අපහසුතාවයට පත් විරෝධතාවයෙහි නිරත දුම්රිය මගීන් කළහකාරීව හැසිරීම හේතුවෙන් පොලීසිය කැඳවා ඇති අතර ඉදිරිපිට මාර්ගයද අවහිර වී ඇත.

කෙසේවෙතත් මෙම වර්ජනයෙන් ජනතාවට සිදුවන අපහසුතාවයන් සැළකිල්ලට ගෙන කොළඹින් පිටත්ව දුම්රිය සියල්ල පිටත් වු පසු ගමනාන්ත දක්වා ධාවනය වු පසු දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ සංගමය නිවේදනය කර තිබේ.

The post දුම්රිය වර්ජනයක – මගීහු මහ පාරේ විරෝධතා දක්වති appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico