දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අවධානමක් – කළු සහ ගිං ගංඟා පිටාර මට්ටමට.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සඳහා නාය යාමේ අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට එම නාය යාමේ අවදානම් නිකුත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගංඟ සහ ජලාශ රැසක ජල මට්ටම් මේ වන විටත් ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බව එම මධ්‍යස්ථනය ප්‍රකාශ කළා. ඒ අනුව, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් එම ගංඟා අවට පහත් බිම්වල සිටින පිරිස් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු වනවා.

බද්දේගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල වෙසෙන ජනතාව හදිසි ගං වතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට ක්‍රියා කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය සඳහන් කළේ.

ගං වතුර තත්ත්වයක් ඇති වුවහොත් උඩුගම – අකුරැස්ස, ඇල්පිටිය – තවලම, පිටිගල – තවලම සහ උනන්විටිය – මාපලගම යන මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විය හැකි බව එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.

The post දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අවධානමක් – කළු සහ ගිං ගංඟා පිටාර මට්ටමට. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico