දිගන කලබල වලට මහනුවර පොලිස් ලොක්කාත් හවුල්..? (වීඩියෝ)

මුස්ලිම් විරෝධී උඩරට කැරැල්ලට පොලිසිය හා හමුදාව හවුල් වූ බවට තොරතුරු හෙළිවෙද්දී, එහි මහමොලකරුවකු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහසෝන් බලකායේ නායකයා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් දා රාත්‍රියේ දිගනට ගෙන්වාගත්තේ මහනුවර නීතිය හා සාමය භාර ප්‍රධාන පොලිස් නිලධාරියා බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිංහල දැඩි මතධාරී මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහට දුරකතනයෙන් කතාකොට කැඳවා කෝලාහල වලට පටලැවූ බවට ඔහුගේ බිරිඳ කළ ප්‍රකාශයක් මහ දවාලේ දිගන නගරයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වූ මාර්තු 5දා එහි ගොස් සිටි මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමිද තහවුරු කර සිටී.
තම සැමියා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ ජයංගනී සිතුම් කුමාරි කියා සිටින්නේ ඔහු ප්‍රහාරයට හවුල් කර ගත්තේ මහනුවර නියෝජ්‍ය පොලිස්පති බවයි.

The post දිගන කලබල වලට මහනුවර පොලිස් ලොක්කාත් හවුල්..? (වීඩියෝ) appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico