“දැන් මේ රජයේ අගමැති ජනාධිපති හොරකම් කරන්නේ නෑ. ඇමතිවරු වැඩිහරිය හොරු නෙමෙයි.”චන්ද්‍රිකා.

ආණ්ඩුවේ සිටින දූෂිතයින් ආණ්ඩුවෙන් එලවා ගැනීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
මේ බව පවසා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර සිටියා.
“දැන් මේ රජයේ අගමැති ජනාධිපති හොරකම් කරන්නේ නෑ. ඇමතිවරු වැඩි හරියක් හොරු නෙමෙයි. අරයා හොරු කරපු අයත් අපේ ආණ්ඩුවේ ඉන්නවා. එක පාර කපලා කපලා දාන්න බෑනේ මුහුදට. හොරකම් කරන පොලිස්කාරයෝ මරලා දාන්න බෑ. හොරකම් කරන රජයේ නිලධාරින් මරන්න බෑ. හිමින් හිමින් මේවා වෙනස් කරන්න ඕන. අන්ත හොරු අපි අයින් කරනවා. උගුරට ලේ එනකම් පොහොට්ටුකාරයෝ කෑගහනවා බැදුම්කරේ ගැන කිය කිය. ඔව් එතන වැරැද්දක් වුණ. හිටපු මහ බැංකු අධිපති වැරදි කළා එයාව ගෙදර යැව්වා. ඒකට සම්බන්ධ මුදල් ඇමති ගෙදර යැව්වා. මේ රටේ අධිකරණ ඇමති කෙනෙක් ගෙදර යවලා තියෙන්නේ වැරදි කරලා. තවත් අය ගෙදර යවනවා. තමුන්නාන්සේලා දන්නේත් නෑ. රාජපක්ෂගේ තැචර්ලා අමතක අරපු දෙයක් තමයි 2006 ඉදලා 2015 වෙනකම් මහ බැංකුවේ මහා පරිමාණ යෝධ හොරකම් සිද්ධ වුණේ. රාජපක්ෂ පත්කරපු නිවාඩ් කබ්රාල් කියන මිනිහා. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විනාශයි. නෝනාගේ මල්ලිව දැම්මා සභාපති කරලා. පහුවදා ඉදලම දුන්නේ නැද්ද වැඩේ. එතකොට ඒ අය පරාජය කිරීමේ වරදක් තියනවා ද? ඔවුන්ව පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂය එක්ක ගනුදෙණු කරන එකේ වැරැද්දක් තියානවාද?” හිටපු ජනාධිපතිනිය සඳහන් කරසිටියා.

The post “දැන් මේ රජයේ අගමැති ජනාධිපති හොරකම් කරන්නේ නෑ. ඇමතිවරු වැඩිහරිය හොරු නෙමෙයි.”චන්ද්‍රිකා. appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico