දළඳා වහන්සේ වැදගත් ගෝඨාභ මැතිතුමාගෙන් නුවර ජනතාවට තවත් පොරොන්දුවක්

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය.මහනුවරට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී දනත්ධාතූන් වහන්සේ වැද පුදා ලත් අතර  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගන්නා ලදී.ඉන් අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර  මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සඳහා අද (14) සහභාගී වීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා ඒ මහතා ප්‍රකාශ කළේය.

The post දළඳා වහන්සේ වැදගත් ගෝඨාභ මැතිතුමාගෙන් නුවර ජනතාවට තවත් පොරොන්දුවක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico