තොප්පිගල කැලෑවේ අක්කර දහස් ගණනක් විනාසයි – පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

තොප්පිගල කැලෑවේ අක්කර දහස් ගණනක් විනාසයි - පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

මානාවෙල ආරියවංශ හිමි නැමැත්තෙකුගේ මූලිකත්වයෙන් මෙම නීතිවිරෝධී කැලෑ එළිකිරීම සිදුකරන බවත් මේ වනවිට ස්ථිර නිවාස 08 ක් සහ තාවකාලික නිවාස 500 කට අධික ප්‍රමාණයක් ඉදිකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙවැනි පරිසර හානියක් සිදුවෙමින් තිබියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වගකිවයුතු ආයතන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේදී විල්පත්තු වනය විනාශ කරන විට ඊට එරෙහි වූ බොහෝ පරිසර සංවිධාන, භික්ෂූන් වහන්සේලා සහ සිංහල ජාතිවාදී සංවිධාන තොප්පිගල වනාන්තරයේ සිදුවන පරිසර හානිය පිළිබඳව කිසිවක්‍ නොදත්තවුන් මෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයෙකු වන මහින්ද රත්නායක මහතාගෙන් කරුණු විමසීම් සිදුකළ බවත් එසේ තිබියදීත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ අනුදැනුම මත මෙම පරිසර හානිය සිදුවන බවයි.

සංජීව මලවිආරච්චි

Powered by WPeMatico