තෙල් මිල ඉහළ දැමීම දැනගත්තේ පත්තරෙන් – ජනපති කැබිනට්‌ හමුවේදී කියයි

නිලධාරීන් තමන්ට පැවසූ මිලට වඩා වැඩි මිලකින් ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යැම තමන්ට ප්‍රහේලිකාවක්‌ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට්‌ මණ්‌ඩලයේදී ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර ඇත.

රුපියල් හතරත් පහත් අතර ගණනකින් තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර රුපියල් අටත් නවයත් අතර මිලකින් ඉහළ ගියේ කෙසේ දැයි තමන්ට හිතා ගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එතරම් ඉහළ ගණනකින් තෙල් මිල ඉහළ ගොස්‌ ඇති බවට තමන් දැන ගත්තේ පසු දා පුවත්පත් බලන විට බවත් පැවසූ ජනධිපතිවරයා මෙවැනි වැරදි සිදු වන්නේ නිලධාරීන්ගේ වරදින්දැයි ප්‍රශ්න කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10 වනදා) උදැසන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවැත්විණි.

The post තෙල් මිල ඉහළ දැමීම දැනගත්තේ පත්තරෙන් – ජනපති කැබිනට්‌ හමුවේදී කියයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico