තැපැල් හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලීමට ඇමතිවරයෙකු පත් නොකර ජනපති රට යයි.

තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලීම සදහා කිසිදු අමාත්‍යවරයකු පත්කිරීමට ජනාධිපති සිරිසේන මේ වනතෙක් කටයුතු කර නොමැති බව වාර්තා වෙයි.
මේ වන විට තැපැල් සේවා සහ මුස්ලීම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයා වූ අබ්දුල් හලීම් අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඒ සදහා වැඩ බැලීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දන්වා ඇත.
එහෙත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් ජනාධිපති සිරිසේන වෙතින් ලැබී නොමැති බවයි.
මේ අතර තෙදින සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තාවේ.

The post තැපැල් හා මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලීමට ඇමතිවරයෙකු පත් නොකර ජනපති රට යයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico