තායි රජුට අවසන් ගෞරවයට සුදු ඇතුන් නව දෙනෙක් එයි.

පසුගියදා අභාවප්‍රාප්ත වුනු තායිලන්තයේ භූමිබෝල් රජුගේ දේහය මහජන ගෞරවය සදහා තබා ඇති අතර තවමත් එයට ගෞරව දැක්වීමට වැල නොකැඩී ජනයා ඇදී එති. ඒ ජනගග අතර අද සුවිශේෂී අමුත්තන් කිහිප දෙනෙකුද දක්නට විය.
ඒ අලංකාර ආභරණයෙන් සරසන ලද සුදු ඇතුන් නව දෙනෙකි.
මෙයින් හත් දෙනෙකු සැබෑ සුදු ඇතුන් වන අතර දෙදෙනෙක් සුදු පැහැයෙන් වර්ණ ගන්වන ලද ඇතුන්ය.
සුදු ඇතුන් යනු තායිලන්ත වැසියන් විසින් පුජනීයත්වයේ ලා සලකන වස්තුවකි.
මෙසේ සුදු ඇතුන් විසින් සංදර්ශනාත්මක ආචාරයක් පිරිනැමීම තායිලන්ත රජුට කරන ලද උසස්ම ගෞරවයක් වෙයි.
“මෙය මාගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවයි.” මේ හස්ති ආචාරය ගැන එහි නිර්මාතෘ අයෝධ්‍යා හස්ති මාලිගයේ හිමිකරු Laithongrien Meephan පැවසුවේ එසේය.

The post තායි රජුට අවසන් ගෞරවයට සුදු ඇතුන් නව දෙනෙක් එයි. appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: muditha
#SriLanka #News #lka

Powered by WPeMatico