තායි උමගේ ගලවාගැනීමේ මෙහෙයුම සාර්ථකයි… ළමුන් සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගනී…

තායිලන්තයේ තම් ලුවාං උමග තුළ සිරවී සිටි ළමුන් 12 දෙනා සමඟ පාපන්දු පුහුණුකරුද මුදවා ගැනීමට සහන සේවා බලකායන් සමත් තිබේ.

දින 18කට පෙර අතුරුදන් වූ ළමුන් සෙවීමෙන් අරඹි මෙහෙයුම අවසානයේ මෙසේ සාර්ථකව නිමාව දුටුවේ එක් සහන සේවාකයකුට ජීවිතයද අහිමි කරවමිනි.

මෙම කාර්යය සාර්ථක කරගැනීඹ සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් බොහොමයක දායකත්වයද ලබා දෙන ලදි.

මෙම මුදාගැනීමේ මෙහෙයමු මෙතෙක් සිදුවූ අවදානම් සහගතම සහ අසීරුතම මෙහෙයුමක් ලෙසද ඉතිහාසයට එක්වෙයි.

The post තායි උමගේ ගලවාගැනීමේ මෙහෙයුම සාර්ථකයි… ළමුන් සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගනී… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico