”තවදුරටත් සිරිසේන එක්ක ගමන බෑ…අපි වෙනම විපක්ෂයක් හදනවා”ශ්‍රීලනිප

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත්විය යුතු බවට මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරු යෝජනා කර තිබූ බවත්, එජාපය අලුත් ආණ්ඩුවක් සකස් කිරීමට තීරණය කිරීමෙන් පසුව අදාළ තීන්දුව වෙනස් කරමින් මේ තීරණයට එළඹ ඇතැයි පැවසේ.
ඒ අනුව ශ්‍රීලනිපය ජවිපේ සමඟ එක්ව විපක්ෂය ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටින අතර, ජවිපෙ සතුව මන්ත්‍රීවරු 06ක් සිටී.

The post ”තවදුරටත් සිරිසේන එක්ක ගමන බෑ…අපි වෙනම විපක්ෂයක් හදනවා”ශ්‍රීලනිප appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico