තරඟ පාවා දීම ගැන CID ට පැමිණිල්ලක්! #SriLanka #LKA

තරඟ පාවා දීම ගැන CID ට පැමිණිල්ලක්!

 අල්ජසීරා මාධ්‍යවේදියෙකු සිදුකළ ගවේෂණය හේතුවෙන් තරඟ පාවා දීමේ සැලැස්ම අනාවරණය කර ගැනීමට හැකි වී තිබුණි. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (27) සවස ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදීද සාකච්ජා කර ඇත. 

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සියලුම දෙනාගේ සේවය අත්හිටුවීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දින තුනක් අතුළත වර්තාවක් සකස් කිරීමට මොහාන් ද සිල්වා,රොෂාන් බියන්විල හා චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණ වලටද පුර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

වෙස් වලාගත් අල්ජසීරා මාධ්‍යවේදියා ඉන්දීය බුකි කරුවෙකු සමඟ පැමිණ ගාල්ලේ ප්‍රමුඛ පෙළේ හෝටලයකදී එම සාකච්ජාව රූගත කර ඇත.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමණාකරු සහ තණ තීරු සකසන්නා වන තරංග ඉන්දික තරඟ පාවාදීම සම්බන්ධයෙන් මෙරට නියෝජිතයන් ලෙස එම සාකච්ජාවට සහභාගී වී තිබේ.

ඔවුන්ගේ සංවාදයට අනුව මීට ඉහතදීද මුදලට තරඟ පාවා දීම සිදුකර ඇති බවට සැක පළ වී තිබේ.

කෙසේ වෙතත් අල්ජසීරා මාධ්‍යවේදියාගේ මෙම හෙළිදරව්ව මේ වන විට ක්‍රිකට් ලෝකය ආන්දෝලනය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico