තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවට විශේෂ කාලගුණ නිවේදනයක්

ශ්‍රී ලංකාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තගම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව මේ  සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පැවැතිය හැකි බවත් ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පලාත්වල මිලිමීටර් 100 පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින වළාකුළු තත්ත්වයන් හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේහවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යාමට ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා එම මුහුදු ප්‍රදේශයන් ක්ෂණිකව රළු විය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර දිවයිනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට මඩකලපුව දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇති විය හැකි බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවත් ඒ අවට මුහුද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. එම නිසා ධීවර සහ නාවික ප්‍රජාවන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා.

 

The post තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවට විශේෂ කාලගුණ නිවේදනයක් appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico