ඩේවිඩ් බකෙල් – ඔහු අනෙකාගේ යුක්තිය උදෙසා දිවි පිදුවේය. #SriLanka #LKA

ඩේවිඩ් බකෙල් - ඔහු අනෙකාගේ යුක්තිය උදෙසා දිවි පිදුවේය.

සමාජයේ පීඩා විදි ජන කොටසක් වෙනුවෙන් ඉතා විවෘතව මෙන්ම කැපවීමෙන් පෙනී සිටි ඔහු සැබවින්ම ශ්‍රේෂ්ඨයෙකි.

මිය යනවිට ඔහු 60 හැවිරිදි, සමරිසි හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නිව්යෝර්ක් හි සුප්‍රසිද්ධම නීතිඥයා විය .

පොසිල ඉන්ධන හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම පරිසරයට සිදුවන හානිය ගැන ඔහුට තිබුණේ දැඩි විරෝධයකි. අවසානයේ ඔහු ජීවිතයෙන් සමු ගත්තේ ඒ සඳහා විරෝධය සදාකාලික කරමිනි.

සිය මරණයටත් සිය විරෝධතාවටත් හේතුව දක්වමින් සිය අවසන් පණිවිඩය ලියූ ඩේවිඩ් බකෙල්
‘‘ මිහිපිට බහුතරයක් මිනිසුන් ආශ්වාස කරන්නේ පොසිල ඉන්ධන දහනයෙන් මුදා හළ අපිරිසිදු වාතයයි. ඒ නිසාම බෙහෝමයක් දෙනා ඉන්මණින් ජීවිතයට සමු දෙයි… මගේ මේ මරණය අප අපගේ ජීවිත වලට කර ගන්නා අපරාධයේ ප්‍රතිබිම්බයකි. යැයි සටහන් කළේය.

ඔහුගේ මෙම අවසන් පණිවිඩය හමු වූයේ ඔහු සිය සිරුරට ගිනි තබා ගෙන මිය ගිය ස්ථානය අසල තිබියදීය .

සමරිසි විවාහ අයිතීන් වෙනුවෙන් මෙන්ම සංක්‍රාන්තී ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් ප්‍රබල හඬක් අවදි කළ ඔහු ඒ වෙනුවෙන් වූ ජාතික සංවිධානයක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

ඔහු බ්‍රැන්ඩන් ටීනා වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අපමණ වෙහෙස විය. ඒ සමරිසි හා සංක්‍රාන්තී ලිංගිකයන් සමාජයේ අතිශය පීඩනයට ලක් වෙමින් සිටි යුගයකය.

අවසානයේ ඔහු සිය ජීවිතයම අනෙකාගේ යුක්තිය වෙනුවෙන්කැප කර අවසන අනෙකාගේ ජීවිත වලට වන හානිය ගැන ඔවුන්ට පසක් කරලීම උදෙසා මෙලොවින් සමුගත්තේය.

– හංසනී සම්පත් | outboundtoday.com





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico